Thursday, January 24, 2013

2. කව්ද මේ || මොකක්ද මේ || ලකෆ්‍රෑන්ස්!!!!!

ලකෆ්‍රෑන්ස්, මේ වෙනකොට සිංහල බ්ලොග් අවකාශෙට අලුත් චරිතයක් නෙමෙයි. ගොඩක් දෙනෙක් ලකෆ්‍රෑන්ස්ව අඳුරනවා. හැබැයි නමින් විතරයි. කව්ද මේ ලකෆ්‍රෑන්ස්? මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ? ඇයි ලකෆ්‍රෑන්ස්? මෙන්න උත්තර!!!!!

කව්ද මේ ලකෆ්‍රෑන්ස්?
ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් කෙනෙක්. 

මොකක්ද ලකෆ්‍රෑන්ස් කරන්නේ?
කමෙන්ට් කරන එකයි බ්ලොග් පෝස්ට් ලියන එකයි. 

ඇයි ලකෆ්‍රෑන්ස්?
සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ මහා සුචරිතවාදී බ්ලොග්කරුවෝ සහ කාරිණියෝ ඇනෝනිමස් කමෙන්ට් බ්ලොක් කරගෙන ඉන්නේ. ඒ හේතු කීපයක් උඩ. ඔවුන්ගේ මහා සුචරිතවාදී සළුපිළි ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ගලවන නිසා. ඒ වගේම ඔවුන්ගේ මනෝරාජික සුන්දර ෆැන්ටසීමය ලෝකය ඇනෝනිමස් කමෙන්ට්කරුවෝ නැතිකරන නිසා. ඇනෝනිමස් බ්ලොක් කරලා ප්‍රොෆයිල් හිමියන්ට විතරක් අදහස් දක්වන්න දෙන ගොං පාට් එකට කෙලවලා ඒ ස්වයං වින්දනය හිරු දුටු තණ අග පිණිබිඳු මෙන් වාෂ්පකරලා දාන්නයි ලකෆ්‍රෑන්ස් එන්නේ. 

ලකෆ්‍රෑන්ස් ප්‍රතිපත්ති
ඕපදූප කුණු හොයනවා. ප්‍රචාරය කරනවා.
සදාචාරයක් නෑ.
කුණුහරුප කියන්නේ නැහැ. කිව්වත් කරකෝලා කියන්නේ.
මානුෂීය නෑ. අති අමානුෂිකත් නෑ.
අවංකයි. හැබැයි වංකයි.
ණයට ගන්නෙත් නෑ ණය දෙන්නෙත් නෑ.
බොරු සුචරිතවාදීන්ට කැමති නෑ.
නයිකාරයන්ට, පොලුකාරයන්ට, බොරුකාරයන්ට, කොලුකාරයන්ට, බඩුකාරයන්ට සමාවක් නෑ.

ලකෆ්‍රෑන්ස් වැඩ කරන විදිය
කමෙන්ට් දානවා. බ්ලොග් පෝස්ට් ලියනවා.
දුටු තැන පහර දෙනවා. පහර පිට පහර දෙනවා. පන්න පන්න පහර දෙනවා.
සතුරොත් නැහැ. මිතුරොත් නැහැ.

අතුරු ප්‍රශ්ණ.

ලකෆ්‍රෑන්ස් ඇනෝනිමස් ආතල්ද? ඒකේ අවතාරයක්ද?
නෑ. ගෑවිලාවත් නැහැ. ගෑවෙන්න ඕනෙත් නැහැ. 

ලකෆ්‍රෑන්ස් පෝස්ට් මකයිද?
යම් කෙනෙක් අහවල් පෝස්ට් එක තමන්ට ප්‍රශ්නයක්, ඒකේ තියෙන්නේ බොරු කියලා ලකෆ්‍රෑන්ස් දැනුවත් කළොත් අදාළ පෝස්ට් එක ඉවත් කරනවා. එහෙම ඉවත්කරන පෝස්ට් වෙනම තැනකින් පෙන්නනවා.

ලකෆ්‍රෑන්ස් කමෙන්ට් මොඩරේට් කරයිද?
නෑ. කවදාවත් නෑ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උපරිමයි. 

ලකෆ්‍රෑන්ස් කමෙන්ට්වලට උත්තර දෙනවාද?
වෙලාව තියෙන හැටියට. 

ලකෆ්‍රෑන්ස් කුණුහරුප මකයිද?
ලකෆ්‍රෑන්ස්ට මොන කුණුහරුපෙන් බැන්නත් මකන්නේ නැහැ.
වෙනත් කෙනෙක්ට කුණුහරුපෙන් බැනලා තිබ්බොත්, ඒ පුද්ගලයා ලකෆ්‍රෑන්ස්ගෙන් ඉල්ලීමක් කලොත්, කුණුහරුප විතරක් මකනවා.
කමෙන්ට් එකේ තියෙන්නේ කුණුහරුප විතරයි නම් මකනවා.

ලකෆ්‍රෑන්ස් ලියන්නේ වර්තමානය විතරද?
නෑ. අතීතය, වර්තමානය, අනාගතය මේ ඔක්කෝගේම වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් ලියනවා. 

අනිත් අයගේ අදහස්වලට ලකෆ්‍රෑන්ස් ඉඩදෙයිද?
ඔව්. හැමවෙලාවේම ඉඩ දෙනවා. ඕනෙම කෙනෙක්ට ලකෆ්‍රෑන්ස්ට ලියන්න පුළුවන්. ලකෆ්‍රෑන්ස් ප්‍රචාරය කරනවා.

හිතේ තියෙන ඕනෙ දෙයක් මෙතන කියන්න පුළුවන්ද?
ඔව්. ඕනෙම දෙයක් කියන්න පුළුවන්.

ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක්ද? කීපදෙනෙක්ද?
ලකෆ්‍රෑන්ස් එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, කීපදෙනෙක් වෙන්නත් පුළුවන්. කැමති කෙනෙක්ට ලකෆ්‍රෑන්ස් එක්ක එකතු වෙන්නත් පුළුවන්.

ලකෆ්‍රෑන්ස් කියවන්නේ කොහොමද?
ලකෆ්‍රෑන්ස් ලියන්නේ මෙතන විතරයි. මෙතනින් කියවන්න.
ලකෆ්‍රෑන්ස් තාම සින්ඩිකේටර එකකවත් නැහැ. ඒවාගේ සාමාජිකත්වය ගන්න ලකෆ්‍රෑන්ස්ට උදව් කරන්න.
ලකෆ්‍රෑන්ස්ගේ පෝස්ට් බෙදාගන්න.
  
ලකෆ්‍රෑන්ස් කොච්චර කල් ඉඳීවිද?
මාසයක්. දෙකක්. මාස 6ක්. අවුරුද්දක්. අවුරුදු දහයක්. සමහරවිට සතියක්. කව්ද දන්නේ.

ලකෆ්‍රෑන්ස් අමතන්නේ කොහොමද?
විද්‍යුත් තැපැල් ලිපිනය. lakafrance@gmail.com ලකෆ්‍රෑන්ස්ට මේල් කරන්න.
ලකෆ්‍රෑන්ස් මූණුපොතේ ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව යාළුවෙක් කරගන්න.
ලකෆ්‍රෑන්ස් Google+ එකෙත් ඉන්නවා. ලකෆ්‍රෑන්ස්ව ෆලෝ කරන්න.

ලකෆ්‍රෑන්ස්ට සහය දෙන්න. 
ලකෆ්‍රෑන්ස්ව ප්‍රසිද්ධ කරන්න.
හැමෝවම ලකෆ්‍රෑන්ස් ගැන දැනුවත් කරන්න.
ලකෆ්‍රෑන්ස් ඉන්නේ ඔබ වෙනුවෙන්. 


 ජනවාරි 27 ගම්පහ මල්වත්තට ලකෆ්‍රෑන්ස් එනවා!!!!!


1. ආවා

ලකෆ්‍රෑන්ස්.
සිංහල බ්ලොග් අවකාශේ පුරෝලා නයි.
බෙලි කැපිලි. පොර ටෝක්. පොලු තියපුවා.
ඒ මදිවට සුචරිතවාදී මහා බ්ලොග් කරුවෝ ඇනෝනිමස් කමෙන්ට් බ්ලොක් කරගෙන.
ප්‍රොෆයිල් තියෙන එවුන් විතරක් වරෙන් කියන දෙයක් කියන්න කියලා ටෝක් දෙනවා.

ඒ වෙනුවෙනුයි ලකෆ්‍රෑන්ස් එන්නේ.
ලකෆ්‍රෑන්ස් කියන්නේ ලකෆ්‍රෑන්ස්ට.
කුණුහරුප කියන්නේ නැහැ.
බ්ලොග් ලියන එකෙක්වත් ලකෆ්‍රෑන්ස්ගේ බොක්කවල් නෙමේ. ඒ හින්දා බයත් නැහැ.
නැතිවෙන්න දේකුත් නැහැ. ඇතිවෙන්න දේකුත් නැහැ.
බොරු ඇඩ් කාරයන්ට සමාවකුත් නැහැ.
එක චැලේන්ජ් එකයි.
පුළුවන්නන් දැන් බ්ලොක් කරහන් ඇනෝනිමස් අදහස්.


ලකෆ්‍රෑන්ස්ට ලියන්න
lakafrance@gmail.com